gossip lanka

එජාපයේ අලුත් පෙරමුණ එලිදැක්වීමේ උත්සවය සූදානම්.. ව්‍යවස්ථාව ලියාපදිංචියට.. ලකුණ දියමන්තිය

එක්සත් ජාතිත පෙරමුණේ පක්‍ෂ ඇතුළු තවත් දේශපාලන පක්‍ෂ හා සංවිධාන කිහිපයක් එක්ව පිහිටුවන නව පෙරමුණේ වැඩ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් තිබේ.
අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්චාවකදී තීරණය කර ඇත්තේ නව පෙරමුණේ ව්‍යවස්ථාවේ අවසන් කෙටුම්පත සකස් කිරීම කඩිනම් කිරීමටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාට එහි වැඩි වගකීම් පැවරී ඇති අතර ඔහු සදහන් කර ඇත්තේ අවසන් ව්‍යවස්ථාව ඉක්මනින් සකස් කර ලියාපදිංචියට යොමු කරන බවයි.

‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ නම් මෙම නව පෙරමුණ එළිදැක්වීම සදහා වන උත්සවයට සියළු කටයුතු සුදානම් වෙමින් ඇති අතර බොහෝ දුරට මෙහි මැතිවරණ සලකුණ ‘දියමන්තිය’ වනු ඇති බවද වාර්තා වෙයි.
gossip lanka