විමල්ගේ බිරිය ශෂීගේ පාස්පොට් නඩුවට සාක්ෂි දෙන්න උසාවි එන්නැයි ටිල්වින්ට - සුනිල්ට නොතීසි !

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට අදළ නඩු දෙකෙහි සාක්කි දීමට ජනතා විමුක්ති පෙරමුණ ට්‍රිල්වින් සිල්වා සහ සුනිල් හදුන්නෙත්ති යන අයට ලබන 6 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ  (14) සිතාසි නිකුත් කළාය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ති‍්‍රක ගුවන් ගමන් බලපත‍්‍රයක් සකස් කළැයි ශෂී වීරවංස මහත්මියට චෝදනා එල්ල වී තිබේ.

අදාළ සාක්ෂිකරුවන් දෙදෙනාට සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

එසේම, අතිරේක සොලිසටර් ජනරාල්වරයා ඊයේ  (14) මෙම ඉල්ලීම සිදුකරනු ලැබුවේ නඩුවේ සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කරමිනි.
gossip lanka