මාවනැල්ලේ බුදු පිලිම කැඩු පිරිස වනාතවිල්ලුවේදී ගිනි අවි පුහුණුව ලබලා.. ත‍්‍රස්ත කටයුතු කරන්න සැලසුම් කරලා - CID අධිකරණයට කියයි

පසුගියදා මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශයන්හි බුදුපිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී බෝම්බ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් පුහුණු කරන ලේඛන සොයාගත් බව රහස් පොලිසිය විසින් අධිකරණයට දන්වා තිබේ.
මෙම පිරිස වනාතවිල්ලුව ප්‍රදේශයේ දී ගිනි අවි පුහුණුව ද ලබා ඇතැයි විමර්ශනයන්හිදී හෙලි වූ බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.

සැකකරුවන් ත්‍රස්තවාදී කටයුතු සහ ජාතිවාදී ගැටුම් ඇති කිරීමේ අරමුණින් එහි සිට පුහුණුව ලබා ඇති බවත් විවිධ ආරූඪ නම් වලින් එහි සිට ඇති බවත් හෙලිව ඇතැයි පොලීසිය තව දුරටත් දන්වා ඇත.