ගුම්මා කල්ලියේ වැඩක්ද..? මහ දවල් වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කල සිදුවීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි - (video)

වත්තල ප්‍රදේශයේ දී ඊයේ (13) සවස සිදු වූ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැකපළ කරනවා. ඒ අනුව කැලණිය ගුම්මා, නමැති කල්ලියේ සාමාජිකයින් විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.
වෙඩි තැබීමෙන් ඝාතනයට පත්ව ඇත්තේ ස්ටීවන් රාජේන්ද්‍රන් නොහොත් චාල්ස් නැමැති වයස අවුරුදු 31 වන ජින්තුපිටි වීදිය, කොටහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සහ සුප්පයියා මාදිවානන් නම් 38 වියේ පසුවන ජින්තුපිටි වීදිය, කොටහේන ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය තහවුරු කරගෙන තිබෙනවා. මේ අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී කාන්තාවක්ද මෝටර්  රථයේ සිට ඇති නමුත් වෙඩි තැබීමෙන් ඇයට කිසිඳු හානියක් සිදු වී නැහැ.

මිය ගිය දෙදෙනාගේ මෘත ශරීර මේ වන විට රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර වත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.