හය දෙනෙකු මිය ගිය මෝටර් රථය තුළ පිස්තෝලයක් (UPDATE)

වෙන්නප්පුව, නයිනමඩම පාලම අසල අද (20) අළුයම හය දෙනෙකුට මරු කැදවමින් අනතුරට ලක් වූ මෝටර් රථය තුළ තිබී පිස්තෝලයක් සොයා ගැණුනු බව පොලීසිය පවසනවා.

ඉතාලියේ නිෂ්පාදිත එම පිස්තෝලය මිලිමීටර් 8 ප‍්‍රමාණයේ උණ්ඩ දැමිය හැකි පිස්තෝලයක් බවයි පොලීසිය පවසන්නේ.


ජීව උණ්ඩ 8 ක් ද පිස්තෝලය තුළ තිබී සොයාගෙන තිබෙනවා.

එම ගිනි අවිය සොයාගෙන ඇත්තේ අනතුරට ලක්වූ එම මෝටර් රථයේ දොරක් තුළ සගවා තිබියදීයි. එය කුමන කටයුත්තකට රැගෙන ගියාද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

අද අළුයම 3.15 ට පමණ කොළඹ - හලාවත ප‍්‍රධාන මාර්ගයේ හලාවත දෙසට ධාවනය වූ අදාළ මෝටර් රථය අනතුරට ලක් වුණේ මාළු ප‍්‍රවාහනය කළ ලොරි රථයක පිටුපස ගැටීමෙන්. එම අනතුරෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර සිටිනවා.

(මේ සම්බන්ධ මීට පෙර පළ වූ පුවත් පහතින්)

නව දෙනෙකු ගිය මෝටර් රථය කුඩේ කුඩු - හය දෙනක් එක තැන මරුට.. තිදෙනෙක් රෝහලේ
gossip lanka