සියළු ව්‍යාපාර 98%ක් කඩා වැටිලා.. ඉතා බිහිසුනු තත්වයක් එනවා.. රටම බේරාගන්න මම එනවා - ඩඩ්ලි සිරිසේන

අද වන විට මෙරට සියළු ව්‍යාපාර 98.6%කින් කඩා වැටී ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සදහන් කරයි.

තවත් මාස 06ක් ඇතුලත මෙරට සියළු ව්‍යාපාර කඩා වැටී බංකොලොත් වන බවත් ඉතිරි වන්නේ බල පුළුවන්කාරයන් පිරිසක් පමණක් ඒ මහතා කියයි.

ඉතා ඉක්මනින් ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට වැඩපිලිවෙලක් ආරම්භ නොකරන්නේ නම් ඉතා බිහිසුනු තත්වයක් අට තුල ඇති විය හැකි බවත් ඔහු පවසයි.

පොලොන්නරුවේදී පැවති තෛපොංගල් සැමරුමක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

රට වෙනුවෙන් ඔ්නෑම කැපකිරීමක් කරමින් මිය යන්නට හෝ තමන් දේශපාලනය මින් ඉදිරියට සිදු කරන බවද ඒ මහතා වැඩි දුරටත් පැවැසීය.
gossip lanka