ජනපතිට තඩි කඹයක් ගිල්ලවන්න අගමැති සැරසේ…පවුලේ ඥාතියෙක් ලවා පණිවුඩ යවයි !

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තඩි කඹයක් ගිල්ලවන්නට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සාහ දරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
නැවත එක්වෙමු යයි කියමින් අගමැතිවරයා ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතීන් හරහා පණිවුඩ යමින් සිටින බවටද තොරතුරු ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්වය යලි දෙන බවටද දන්වා ඇති බවත් එසේ උත්සාහ ගන්නේ පාර්ලිමේන්තුවේ 2/3 නැවත ලබා ගැනීම සදහා බවත් වීරවංශ මහතා තව දුරටත් කියා සිටියේය.

මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.