මදූෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා අද අධිකරණයට ගෙනෙයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකඳුරේ මදූෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා, අද (28) යළි එරට අධිකරණයක් වෙත ඉදිරිපත් කෙරෙනවා.

දැනට ඔවුන් පසුවන්නේ අල් රෆා පොලිස් අත්අඩංගුවේයි.

2019/55 - 33 නඩු අංකය යටතේ ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරුවන් මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඩුබායි පොලිසිය පැවසුවේ සැකකරුවන් පිළිබඳ තවදුරටත් විමර්ශන සිදු කළ යුතු බවයි.

ඒ අනුව අදාළ සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ තබාගෙන විමර්ශන කටයුතු සිදු කිරීමට අධිකරණය අවසර ලබාදී තිබුණා.

එලෙස ඩුබායි අත්අඩංගුවේ පසුවන පිරිස අතර ගායන ශිල්පීන් වන අමල් පෙරේරා, නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්රෝයන් ද සිටිනවා. අංගොඩ ලොක්කා, කංජිපානි ඉම්රාන් වැනි සංවිධානත්මක අපරාධකරුවන් පිරිසක් ද අත්අඩංගුවේ සිටින පිරිස අතර වනවා.