ව්‍යවස්ථාදායක සභාවට තවත් ලෙඩක් !

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා බලාත්මක වී ඇති ව්‍යවස්ථාදායක සභාව එම සංශෝධනයේ 41 (G) වගන්තිය කඩකර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

අදාළ, වගන්තියේ සටහන්ව ඇත්තේ සෑම මාස තුනකටම වරක් ජනාධිපතිවරයාට එම සභාවේ ප්‍රගති සමාලෝචන වාර්තාවක් ලබාදිය යුතු බවයි.
කෙසේවුවද, මේතාක් එවැනි ප්‍රගති සමාලෝචන වාර්තාවක් ලබාදී නොමැති බව පැවසේ.

ජනාධිපතිවරයා අදාළ ප්‍රගති සමාලෝචන සිය ලේකම්වරයාට හෝ යොමුකර ඇත්දැයි ඊයේ (20) සිය ලේකම්වරයාගෙන් විමසා ඇති අතර එවැන්නක් ඔහුට ලැබී නැතැයි ඔහු පවසා තිබේ.

කිසිදු හේතුවක් නොදන්වා විනිසුරුවරුන්ගේ නම් 12ක් ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.

ඉන් පසුවද ජනපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමුකළ නම් දෙකක් ප්‍රතික්ෂේප කිරීම නිසා මේ වන ජනපති හා ව්‍යවස්ථාදායක සභාව අතර ගැටුමක් හටගෙන තිබේ.