රෝහිත රාජපක්ෂගේ මගුලට ආ අර්ජුන ඇලෝසියස්ගේ පින්තූර මෙන්න..- රන්ජන් හා ඔබ්සර්වර් හෙලි කරයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් කතෝලික පල්ලියේ දී පැවැති ආශිර්වාද පූජාව සඳහා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චුදිත අර්ජුන ඇලෝසියස් සහභාගි වූ බවට වන පිංතූරයක් රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පල කර ඇත.

රජය විසින් පාලනය වන ලේක්හවුස් ආයතනයේ ඉංග‍්‍රිසි මාධ්‍ය පුවත්පත වන සන්ඬේ ඔබ්සර්වර් පුවත්පත විසින් පල කරන ලද එම පින්තූරය රාජ්‍ය ඇමතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත යොමු කරමින් ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රශ්න කරයි.

නාමල් රාජපක්ෂ මහතාද ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ හැකිනම් අර්ජුන් මහේන්ද්‍රන් සොයා ගැනීමට කටයුතු කවන ලෙසයි.

කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතා විසින් ප‍්‍රකාශ කල පරිදි මනාල යුවල සමගින් ඇලෝසියස් ගන්නා ලද පින්තූරය මෙතෙක් ප‍්‍රසිද්ද කර නැති අතර මෙම පින්තූරයේ පැහැදිතාවය ඉතා දුර්වලය.