යාපනයේ නිසකට ආවා කල්ලියෙන් බෝම්බ ප්‍රහාරයක්.. දැඩි දේපල හානි.. මාධ්‍යෙව්දියෙකුටත් පහරදෙයි !

යාපනය කෝපායි පොලිස් වසමේ කොකුවිල් ප්‍රදේශයේ නිවසකට 19 දහවල් ආවා කල්ලියෙන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් නිවසේ තිබූ වෑන් රථයක් හා යතුරු පැදි දෙකක් සම්පූරණයෙන්ම විනාශ වී ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.
මේ අතර අදාල ආවා ප්‍රහාරය වාර්ථා කිරීමට ගිය යාපනයේ ප්‍රචාරය කෙරෙන පෞද්ගලික ටී.වී. නාලිකාවක මාධ්‍ය වේදියෙකු වන නඩරාජා කුගරාජ් නැමැතතාට කෝපායි පොලිස් නිලධාරියෙකු පහර දී තුවාල සිදු කලේ යැයි කියමින් එම මාධ්‍ය වේදියා යාපනය මහරෝහලේ 24 වන වාට්ටුවේ නැවතී ඇත.

19 දහවල් 1.30ට පමණ යතුරුපැදි දෙකකින් මුහුණ වසාගත් පුද්ගලයින් 6 දෙනෙකු කොකුවිල්හි පිහිටි දෙමහල් නිවසකට ඇතුලු වී මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට ඇති තඅර අදාල නිවසේ උඩු මහලේ කුලී පදනම මත වාහන ලබා දෙන අයෙකු හා ඔහුගේ බිරිඳත් දරුවාත් තවද එහි යට තට්ටුවේ යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් හා ඇයගේ මව යන අය පදිංචිව සිට ඇත.

නිවසට ඇතුල් වූ පිරිස් විසින් පළමුව නිවස ඉදිරිපිට නවතා තිබූ වෑන් රථයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට ඇති අතර අනතුරුව නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදි දෙකටද ගිනි තබා පලා ගොස් ඇති අතර නිවසේ කිසිවෙකුටත් හානියක් සිදු කොට නොමැති බවද පොලීසිය කියා සිටියේය.පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ගිනි ගත් වෑන් රථය හා යතුරුපැදි දෙක ගින්න නිවා දැමීමට අසල් වැසියන් හා යාපනය නගරසභාවේ ගිනි නිවීමේ ඒකකයද සහභාගී වුවද ඒ වන විටත් වෑන් රථය හා යතුරු පැදි දෙක ගින්නෙන් විනාශ වී ඇත.

මේ අතර අදාල සිදුවීම පහර දීමට ගිය මාධ්‍ය වේදියෙකු වූ නඩරාජා කුගරාජ් නැමත්තාගෙන් විමසීමේදී කියා සිටියේ.

‘මම ආවා ප්‍රහාරයක් එල්ල වී ඇති බවට දැනගත් පසු එම ස්ථානයට සිදුවීම ආවරනය කරන්න ගියා එම අවස්ථාවේ කෝපායි පොලිස් නිලධාරීන් විසින් මා හට බාධා සිදු කල නිසා මා ඈත් සිට රූප රාමු ලබා ගන්නා අවස්ථාවේදී එක වරම පොලිස් නිලධාරියෙකු පැමිණ මට පහර දුන්නා එම පහර දීමෙන් මගේ මුඛය තුවාල වී ඇති අතරම මාගේ කැමරාවටද හානි සිදු වුනා මේ වෙනකොට මම යාපනය රෝහලේ 24 වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා අදාල පහර දීම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන්න කියා යාපනය පොලීසියේ පැමිණිල්ලක් දැමීමට පියවර ගන්නවා. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ