මහින්ද විසින් මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක කලොත් බැසිල් වෙනම එයි ?

මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කළහොත් බැසිල් රාජපක්ෂ මහතා විසින් පොහොට්ටුවෙන් වෙනම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බවට සති අන්ත රාවය පුවත්පතේ පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ බව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඒ මහතා සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා සියලු දෙනා සමඟ සාකච්ඡා කර ගැලපෙන තීරණය ගැලපෙන මොහොත් ගනු ඇති බවයි.

පොහොට්ටුයේ අපේක්ෂකයෙකු ජනාධිපති කරවීම සම්බන්ධයෙන් තමන් ප්‍රකාශ කළේ තමන් පොහොට්ටුවේ සාමාජිකයෙක් නිසා තම අදහස යයිද ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ජනමතය සලකා බලා සුදුසු ම අපේක්ෂකයා නම් කරනු ඇති බවටත් ඔහු විශ්වාසය පල කලේය.

කෙසේ නමුත් තමන් මැතිවරණයකට කිරීමට සූදානමක් නැති බවද හිටපු ඇමතිවරයා තවදුරටත් පැවසීය.
gossip lanka