රන්ජන් ඇමතිකමින්, මන්ත‍්‍රීකමින්, පක්‍ෂයෙන් එලවන්නැයි යෝජනා කෙරේ..- තීරණය රනිල් අතේ

රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් එල්ල කරන ලද කොකේන් චෝදනාව නිසා එක්සත් ජාතික පක්‍ෂයටත් එජාප කැබිනට් ඇමතිවරුන්ටත් දැඩි හානියක් වූ බව එම පක්‍ස මැති ඇමති පිරිසක් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇත.

මේ හේතුවෙන් රාමනායක මහතා ඇමති ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද ඉවත් කල යුතු යයි ඔවුන් ඉල්ලා ඇත.

කොකෙන් ප්‍රකාශය නිසා එජාපය සම්බන්ධයෙන් ජනතා විශ්වාසය කඩවීමත් මන්ත්‍රීවරැන්ගේ ගෞරවයට හානි වන බවත් ඔවුන් තව දුරටත් පෙන්වා දී ඇත.

මේ සම්බන්දයේන පත් කර ඇති කමිටුව හමුවේ රාමනායක මහතා තමන්ගේ ප‍්‍රකාශයන් සත්‍ය බව තහවරු නොකලහොත් මන්ත‍්‍රී ධුරයෙන් ඔහු ඉවත් කරන්නැයි එම පිරිස ඉල්ලා තිබේ.
gossip lanka