බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිව හප්පා ඩිෆෙන්ඩර් රථයක් පළා යයි

බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිව අද (24) පෙරවරුවේ අනතුරකට ලක් කර විෆෙන්ඩර් රථයක් පළා ගොස් තිබෙනවා.

අනතුරට පත් බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටි බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මෙලෙස අනතුරට මුහුණ දී ඇත්තේ බම්බලපිටියේදීයි.

බරපතල තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.