රන්ජන්ට කොන්ද පණ නෑ.. අජිත් මාන්නපෙරුමනගෙන් කණ රත්වෙන පිලිතුරක් !

කොකේන් ගහන මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටින බව කියමින් ඔවුන් කවුදැයි හෙලි නොකරන්නේ කොන්ද පණ නැති නිසා බව නියෝජ්‍ය ඇමති අජිත් මාන්නපෙරුම මහතා පවසයි.

එසේ කොන්ද පණ නැතිව පාර්ලිමේන්තුවේ සියළු මන්ත‍්‍රීවරුන්ට මඩ ගැසීම අසාධාරණ යයිද ඔහු කියයි.

ජනතාව විසින් මන්ත‍්‍රිවරුන් ලෙස පාර්ලිමේන්තුවට පත් කර එවා ඇත්තේ ජනතාවට සේවය කිරීමට මිස කන බොන දේවල් සෙවීමට නොවන බවද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

මෙවන් පුද්ගලයන් පාර්ලිමේන්තු එවීම ගැන ජනතාව දෙවරක් සිතිය යුතු බවත් මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදී එය හොදින් කල්පනා කල යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

මැති ඇමතිවරුන් කොකේන් ගහන්නේ යයි රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිචාර ලෙස නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
gossip lanka