මධූෂ්ගේ තවත් සමීපතමයෙකු වූ අන්දරේවත්තේ චාමරත් පොලිසියට කොටුවෙයි

ත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු බව කියන අන්දරේවත්තේ චාමර නමැත්තා මට්ටක්කුලියේදී පොලිස් විශේෂ කාර්ය බලකා (STF) අත්අඩංගුවට පත්ව තිබෙනවා.


මේ අතර ඊයේ (09) වෙන්නප්පුව-සිරිගම්පල ප්‍රදේශයේදී රෝයින් ජාවාරම්කරවෙක් වන චානූක මධූෂාන් හෙවත් ඕලු මරා නම් සැකකරු හා තවත් 11 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගැනීමටද පොලිසිය සමත්ව තිබෙනවා. එලෙස අත්අඩංගුවට පත් 11 දෙනා ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් හෙරොයින් මිලදී ගැනීමට පැමිණි පිරිස් බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සැකකරු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 300 ක් වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන තිබූ අතර සැකකරුවන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

- nethnews
gossip lanka