කොකේන් කමිටුවට කොකේන්කාරයෙකුත් නම් කරලා..- රන්ජන්ගෙන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක්..

කොකේන් ඇතුලු මත්ද‍්‍රව්‍ය භාවිත කරන පාර්ර්මේන්තු මන්ත‍්‍රීවරුන් ගැන සෙවීමට පත් කරන ලද කමිටුවට කොකේන් භාවිත කරන්නේ යයි චූදිත අයෙකුද මුලින් පත් කිරීමට යෝජනා වී තිබූ බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

තමන් මේ සම්බන්දයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැන්වූ බවත් අගමැතිවරයා එය පිලිගෙන වහාම එම පුද්ගලයා ඉවත් කර වෙනත් අයෙකු පත් කල බවත් රාජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.

තමන් වරදකරුවන්ට විරුද්දව පක්‍ෂ පාට නොබලා කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.