ලංකාවේ අළුත්ම ත්‍රාසජණක චිත්‍රපට පෙන්වන්නා ‘මැකොමෑන්’

පි පුංචි කාලේ රූපවාහිනියේ දැක්ක “බැටිමෑන්ලා” , “සුපර්මෑන්ලා” , “ස්පයිර්මෑන්ලා”ගේ විරක්‍රියා ත්‍රාසජනක ජවනිකා අද එවා පරාද කරමින් මාසයකට සැරයක් “මැකෝමෑන්” රූපවාහිනියට ඇවිත් ත්‍රාසජනක කතාවක් කරලා හැංගෙනවා යැයි ද ත්‍රාසජනක චිත්‍රපට කතා පවත්වමින් නොසිට ආණුඩුකුමයේන් ලැබි ඇති බලතල උපයෝගි කරගෙනට ඉක්මනට මැතිවරණ පවත්වන්න යැයි මධ්‍යම පලාත් සභාවේ හිටපු ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා ඊයේ 8 කොළඹ නෙළුම් පොහොට්ටු කාර්යාලයේ පැවැති මාධ්‍යහමුවකට සම්බන්ධ වෙමින් පැවැසීය.

වැඩිදුරටක් අදහස් දැක්වු ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මධ්‍යම පලාත් හිටපු ඇමැතිතුමා

අපි දැක්කා ඊයේ පෙරේදා මාධ්‍ය හමුවකට ආපු මැතිවරණ කොමසාරිස්තුමා ත්‍රාසජනක කතාවක් කරණවා එනම් “මැතිවරණ තියන්න බැරිනම් ඉල්ලා අස්වෙනවායැයි” පැවසුවා මමත් මෙම කතාව අහලා ඉදගෙන හිටපු ‍පුටුවෙන් නැගිලා අත්පුඩි ගැහැව්වා සතුටින්.. එහෙත් මට ටික වෙලාවකින් මතක් වුණා මෙතුමා මාසයකට සැරයක් මේවගේ ත්‍රාසජනක චිත්‍රපටියක රගපාලා නැවැත එතුමාගේ කාර්යාලයට ගිහින් හැංගෙනවා කියලා.

අපි පුංචි කාලේ රූපවාහිනියේ දැක්ක බැටිමෑන්ලා සුපර්මෑන්ලා ස්පයිර්මෑන්ලා ත්‍රාසජනක චිත්‍රපටවල රගපානවා දැන් කාලේ ඒවගේ ත්‍රාසජනක රගපෑම් කරනේ “මැකෝමෑන්” කියලා තමයි අපිට කියන්න වෙන්නේ…. එනිසා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් අපි ඉල්ලනවා ඔය ත්‍රාසජනක චිත්‍රපට නවත්තලා ඔබ තුමාට ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් ලැබි තිබෙන බලතල හොදටම ඇති මෙම රටේ මැතිවරණ පවත්වන්න එනිසා අපිට අපේ මැතිවරණය ඉක්මනින් ලබා දෙන්න යැයි ඉල්ලා සිටිනවා..

අළුත් නිතිය බලාත්මක කරණකම් පරණ නිතිය බලාත්මක කරන්න පුළුවන් කියලා නිතිමය තත්වයක් මේ රටේ තියෙනවා . එම නිතිය බාවිතා කරම්න් මැතිවරණ කොමිසමේ සභාපතිට මැතිවරණය කැදවන්න පුළුවන් කියන මතයේ තමා අපි ඉන්නේ මෙම මැතිවරණය තියන්න පාර්ලිමෙන්තුවට හෝ අධිකරණයට යන්න වෙන්නේ නැහැ ආණ්ඩුක්‍රම විවස්ථාවේ අදාල වගන්තිය අනුව කටයුතු කරන්න පුළුවන් ඉදිරි දිනකදි මැතිවරණ කොමිසමට ගිහින් ආන්ඩුක්‍රම විවස්ථාවේ අදාල වගන්තිය පෙන්වලා කොම්සමේ සභාපති ඇතුළු කොම්සම දැන්වත් කරන්න බලා පොරෙත්තු වෙනවා .. සමාවෙන්න දැනට මට අදාල වගන්තිය මගේ අතේ නැහැ එහෙත් මම හිතනවා එතුමා මෙම වගන්තිය පිලිබදව දන්නවා. මෙම වගින්තය යටතේ මැතිවරණයක් තියන්න බලයක් එතුමාට නැතිනම් පසුගිය කාලේ වගේ පලාත්සභා මැතිවරණය නවත්වන්න කියලා එක්සත් ජාතික පක්ෂයට උසවි යන්න පුළුවන්.

එනිසා මැතිවරණ කොමිමේ සභාපති තුමාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පලාත්සභාවන් පිලිබදව අළුත් නිතිතිය සම්මත වෙනකම් පරණ නිතියෙන් මෙම මැතිවරණය පවත්වන්න කියලා .

මේ වනවිට කැබිනටි පත්‍රිකාවක් කැබිනටි එකට යොමු කරලා අනුමාතිය අරන් තියෙනවා පැරණි ක්‍රමයට මැතිවරණය තියන්න කියලා. පලාත් සභා මැතිවරණය තියන්න සියලු පක්ෂ එකගයි එහෙත් මොකද්ද මේ කල් මැරිම.. එහෙත් අපි දැක්කා පසුගියදා පාර්ලිමෙන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවලා ජාතික ආණ්ඩුවක් ඇතිකරන්න පනතක් ගෙන්න උත්සහා කරණවා. එහෙත් ආණ්ඩුවට බහුතරය නැති නිසා ඒක කල් දැම්මා. එනමුත් පළාත්සභා ඡන්දය පවත්වන්න පසුගිය ආන්ඩුනව් කැබිනට් එක අනුමත කරලා තියෙනවා වර්ථමාන අලුත් ආණ්ඩුවේ කැබිනට් එකට ජනපතිතුමා මැතිවරණය පවත්වන ලෙසින් ඉල්ලා සිටින කැබිනට් පත්‍රිකාවක් යොමුකරලා අනුමැතිය අරන් තියෙනවා . ‍මෙවැනි තත්වයක් යටතේ මැතිවරණය කල් දමමින් කරල් මරන්නේ ඇයිද යන්න අපිට ප්‍රශ්ණයක්

– මහින්ද උදයසිරි දඹුල්ල