එජාප දඹදෙනිය සංවිධායක රූකාන්තට පහර දෙයි.. වාහනයටත් ගහයි

නප‍්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතාට හා ඔහුගේ මෝටර් රථයට පහර දීමක් ඊයේ රාත‍්‍රියේ සිදුව තිබේ.

මෙම පහර දීම සිදු කර ඇත්තේ පුද්ගලික රූපවාහිනී නාලිකාවක ගායන තරු වැඩසටහනින් ඉවත් වූ තරුණයෙකුගේ ආධාරකරුවන් පිරිසකි.

පහර දීම හේතුවෙන් රූකාන්තට හෝ ඔහුගේ වාහනයට දැඩි අලාභ සිදුව නැතැයි පොලීසිය කියයි.

බොරලැස්ගමුව ප‍්‍රදේහයේදී මෙම පහර දීම සිදුව ඇත්තේ ඊයේ රාත‍්‍රී 09.30ට පමණය.

රූකාන්ත ගුණතිලක එක්සත් ජාතික පක්‍ෂ දඹදෙනිය ආසන සංවිධායකද වෙයි.