මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් තොගය කොල්ලුපිටියෙන් මතුවෙයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) එක්ව ඊයේ (23) සවස කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදීී මෙතෙක් මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම ඒකාබද්ධ වැටලීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 294 ග්‍රෑම් 490ක්, සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. එම හෙරෝයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 2945 කට අධික බවයි සඳහන් වන්නේ.

මෙම හෙරොයින් තොගය කොටුකර ගැනීමට පෙර පසුගිය දෙසැම්බර් 31 වනදා දෙහිවල කවුඩාන ප‍්‍රදේශයේ පිහිටි නිවසකින් සොයාගත් හෙරෝයින් තොගය මෙරට විශාලතම  හෙරෝයින් තොගය බවට වාර්තා වුනා. ඒ හෙරෝයින් කිලෝ ග්‍රෑම් 278 ක ප්‍රමාණයක්.
gossip lanka