එජප මන්ත‍්‍රී චමින්ද විජේසිරි මත්ද්‍රව්‍ය නාශක පොලිස් නිලධාරියෙකුට පහර දෙයි

එක්සත් ජාතික පක්‍ෂ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා විසින් පහර දීමකට ලක් වූ බව කියන පොලිස් නිලධාරියෙක් රෝහල්ගත කර තිබේ.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ බණ්ඩාරවෙල පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් මත්ද‍්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකි.
අදාල සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලද එම උත්සාහය සාර්ථක නොවීය.