චමින්ද විජේසිරි උසාවියට බාර වෙයි !

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට බාර වී තිබේ.

මන්ත‍්‍රීවරයා බණ්ඩාරවෙල නගරයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකුට පහර දුන්නේ යයි චෝදනා එල්ල වී තිබේ.
ඔහු අත්අඩංගුවට ගැනීමට කතානායකවරයාගේ අනුමැතියද ලැබී තිබූ අතර අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක කර තිබින.