"නව පක්ෂයක් හදනවාද? නැද්ද?" - හිටපු ජනපතිනිය පිළිතුරු දෙයි

තමන් කිසිදා නව පක්ෂයක් ගොඩනැගීමට කටයුතු නොකරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

හිටපු ජනාධිපතිනිය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් කිහිපදෙනෙකු එක්ව නව පක්ෂයක් පිහිටුවීමේ සූදානමක් පවතින බවට ඉකුත් දා වාර්තා පළ වුණා.
එම වාර්තාවන්ට හිටපු ජනාධිපතිනිය ගම්පහ ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත ප‍්‍රතිචාර දක්වමින් මේ බව සඳහන් කළා.

එහිදී "විනාශ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ගොඩනගනවා මිසක් වෙනත් අලුත් පක්ෂ හදන්න යන්නේ නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ." යනුවෙන්ද සඳහන් කළා.
gossip lanka