ශ‍්‍රීලනිප චන්ද‍්‍රිකා පිල පොල්ල තියයි.. එජාප ජාතික ආණ්ඩුව දින නියමයක් නැතිව කල් යයි !

එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට සැලසුම් කර තිබූ ජාතික ආණ්ඩු යෝජනාව දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කර ඇත.
එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබාදීමට පොරොන්දු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිස අවසන් මොහොතේ එය කල නොහැකි බව දැනුම් දී තිබීමයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ලබාදීමට තීරණය කිරීමත් එසේ ඡුන්දය නොදෙන පිරිස් සම්බන්දයෙන් විනය ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබීමත් සමග මෙම පිරිස එකී ස්ථාවරයට පසුබැස ඇත.

එමෙන්ම ජාතික ආණ්ඩුවක් පිහිටු වුවද ශ්‍රීලනිපය කිසිවෙකුට තමන් ඇමතිකම් නොදෙන බවට ජනාධිපතිවරයා විසින් කර ඇති ප්‍රකාශයද දැඩිව මීට බලපා ඇතැයි වාර්තා වෙයි.