කෝටි 700 දියමන්තිය ලංකාවෙන් පන්නන්න රේගු ලොක්කෙක් සම්බන්ධයි.. ඔහුගේ පින්තූර සැකකරුවන්ගේ දුරකතනවල

මෙරට ව්‍යාපාරිකයෙකුගෙන් සොරකම් කරන ලද කෝටි 700ක පමණ මිල වන දියමන්තිය ඇතුලු මැණික් තොගය ශ‍්‍රී ලංකාවෙන් ඩුබායි වෙත පිට කිරීම සදහා රේගු නිලධාරියෙකුගේ සහාය ලැබී ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙලිව ඇත. අදාල සොරකම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකතනවල එම රේගු නිලධාරියාගේ පින්තූර ඇති බවද සොයාගෙන තිබේ.


සැකකරුවන් IMO යෙදවුම මාර්ගයෙන් මෙම කොල්ලයට අදාල තොරතුරු හුවමාරු කරගෙන ඇතැයිද හෙලිව ඇත.

මාකදුරේ මධුෂ් විසින් ඩුබායි සිට මෙහෙයවන ලද කොල්ල කල්ලියක් පොලිස් නිල ඇදුමින් සැරසී පන්නිපිටියේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වී මෙම මිල අධික දියමන්තිය පැහැරගෙන ගොස් තිබින.