මාකඳුරේ මධුෂ් ලංකාවට ගෙන ඒමට බාධාවක් !

ශ්‍රි ලංකාවේ අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය සැකකරුවෙක් ලෙසට නම් දරා සිටින මාකඳුරේ මදූෂ් ඇතුළු ප්‍රබල සාමාජිකයින් සිව්දෙනා මෙරටට රැගෙන ඒම සදහා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඩුබායි බළධාරින් සමග මේ වන විටත් සාකච්ජා ආරම්භ කර ඇත.
කෙසේ වුවත් මෙරටට අවශ්‍ය සැකකරුවෙකු ඩුබායි රටේදි අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඔහුව මෙරටට බාර දිම සදහා රටවල් දෙක අතර තිබිය යුතු "උදර්පණ නීතිය" යටතේ වන ගිවිසුමට දෙරටේ බලධාරින් අත්සන් තබා නොමැති බව වාර්තා වේ.

දෙරට අතර ගිවිසුම අත්සන් කර ඇත්තේ 2002 වසරේ අප්‍රේල් මස 29 වැනිදා ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එවකට විදේශ ඇමැතිවරයාව සිටි මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එම ගිවිසුමට අත්සන් කර තිබේ. එහෙත්, ගිවිසුම අත්සන් කර දාහත් වසරක් ගතවන තෙක්ම කිසිදු ආණ්ඩුවක් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.

ඉකුත් වසරේදි ඩුබායිහිදි අත්අඩංගුවට ගනු ලැබු රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු පවා නිකුත් කර තිබියදී මෙරටට ගෙන්වා ගැනීමට මෙරට බලධාරින්ට නොහැකි වුයේ ඒ නිසාය.

එහෙයින්, අත්අඩංගුවට ගෙන සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් විසිදෙදෙනා මෙරටට ගෙන ඒම සඳහා ඩුබායි රජය සමග රාජතාන්ත්‍රීක මට්ටමින් සාකච්ඡා කළ යුතු බව පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී දැනුම් දී ඇත.

අපරාධකරුවන් පිටුවහල් කිරීමේ නීතිය ඩුබායිහි ක්‍රියාත්මක නොවන බව දැනගෙන මධුෂ් ඇතුළු කල්ලිය එහි රැඳී සිට ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් ඩුබායි අධිකරණයට :

කෙසේවුවද, ශ්‍රි ලංකා-ඩුබායි ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකරනු ලැබු මෙහෙයුමකින් අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මදූෂ්ට එරෙහිව එරට නීතිය අනුව ඉදිරි කටයුතු කිරිමට ඉඩ ඇති බව වාර්තා වේ. ඒ ඔහු විසින් සංවිධානය කරන ලද සුපිරි සාදයට කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය ගෙනවිත් තිබීම හේතුවෙනි.

ඒ අනුව මාකඳුරේ මදූෂ් ඇතුළු අත්අඩංගුවේ පසුවන සැකකරුවන් 25 දෙනා ගෙන් සිදුකරනු ලබන ප්‍රශ්න කිරිම්වලින් අනතුරුව ඔවුන් අද (07) දිනයේදි ඩුබායි හි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මේ අතර ඊයේ දිනයේදී පාර්ලිමේන්තු රැස්වීම අතර වාරයේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ "ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන්නම්. එරට අධිකරණයට පුළුවන් ඉල්ලීම් කලත් අවසන් තීරණයක් ගන්න. කෙසේ වුවත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට එරෙහි ඩුබායිහිදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා." කියාය.

මේ අතර පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවට ඩුබායි රජය හෝ එරට පොලිසිය මේ වනතුරුත් ශ්‍රී ලංකාවට ලිඛිත දැනුම්දීමක් කර නොමැති බවයි.

gossip lanka