ඥණාසාර හිමියන්ට ජනපති පොදු සමාව හිමිවෙයිද...? සමාව හිමිවන සිරකරුවන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ !

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන්ට ලබා දෙන ජනපති පොදු සමාව ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව සිරදඩුම වසර 10 කට වැඩි කාලයක් ගෙවා ඇති වයස අවුරුදු 70 ට වැඩි සිරකරුවන්ට ජනපති පොදු සමාව යටතේ පෙබරවාරි 4 වනදා නිදහස හිමි වන අතර සුළු වැරදි සඳහා සිර දඩුවම් විදින හා දඩ ගෙවා ගත නොහැකිව සිරදඩුවම් විදින සිරකරුවන් සදහා වසරකට දින 7 බැගින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පොදු සමාවක් ලබාදී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේ නමුත් ස්තී‍්‍ර දුෂණ, මත්ද්‍රව්‍ය වැරදි, සංවිධානාත්මක අපරාධ සහ බරපතල චෝදනා යටතේ සිරදඩුවම් විදින කිසිඳු පුද්ගලයෙකු හට ජනපති පොදු සමාව යටතේ නිදහස හිමි වන්නේ නැහැ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති ජනපති පොදු සමාවට අයත් වන වැරදි සදහන් ලේඛණය ඊයේ (01) දිනයේ බන්ධනාගාර මූලස්ථානයට ලැබී ඇති අතර එම ලේඛණය සියලූම බන්ධනාගාරවලට අද දිනයේ යවා සිරකරුවන්ගේ ලිපිගොණු පරික්‍ෂාවකින් පසු නිදහස හිමිවන සිරකරුවන් ලබන 4 වනදා නිදහස් කරන බවයි සඳහන් වන්නේ.

මේ අතර පසුගිය දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනු සිරදඩුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණාසාර හිමියන්ට ජනපති පොදු සමාව හිමි වී නොමැති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළේ.