"මං ආවොත් හමුදා පාලනයක්දැයි ඇතැමුන් අහනවා.. මගෙන් කෑලි ගැලෙවුවොත් රට ඉල්ලන ගෝඨාභය නැතිවෙනවා" - ගෝඨා කියයි

තමන් බලයට පැමිණියහොත් හමුදා පාලනයක් කරයිදැයි ඇතැමුන් විමසන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

රටට විනයක් ගේන්න උත්සාහ කරද්දී විනයක් ඇතිව රටට වැඩක් කරද්දී ඇතැමුන් එසේ සිතන බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් ජනතාව ඉල්ලන්නේ අද දකින ගෝඨාභය මිස කෑලි අයින් කරන ලද ගෝටාභය කෙනෙකු නොවන බවත් ඔහු සදහන් කරයි.

කොළඹදී පැවති හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.