'මැච් එක දිනුවේ බඩගාලා.. වීඩියෝ කල කෙනා හොයාගත්තා..' - ශ‍්‍රී ලංකා පිලේ කුණුහරුප වීඩියෝව ගැන හරීන් කියයි

දකුණු අප‍්‍රිකාව පලමු ටෙස්ට් කරගයෙන් පරාජය කල ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් කණ්ඩායම සිය ක‍්‍රීඩාගාරයේදී සිදුකල කතාබහක් සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු අදහස් පල කරයි. දැනටමත් එම වීඩියෝව පටිගත කර සමාජ ජාලාවන්ට මුදා හැරි පුද්ගලයා හදුනාගෙන ඇති බවත් ඇමතිවරයා පැවසීය.
ක‍්‍රීඩාගාරයේදී පැවසූ අදහස් ගැන විවේදනය කිරීමෙන් ක‍්‍රීඩකයන්ගේ මානසිකත්වය බිද නොදැමීම සැමගේ වගකීමක් බවත් ඔහු පැවසීය.

ජාතික ක‍්‍රිකට් කණ්ඩායම මෙම ජයග‍්‍රහණය ගෙන ආවේ බොහෝ දුක් විද, බැණුම් අසා, බඩ ගාලා යයිද ඔහු පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.