ජාතික ආණ්ඩුවේ අරමුණ ඇමතිවරු වැඩිකරගැනී නම් එය ජනතා අපේක්ෂාව නොවේ - එජාප මන්ත‍්‍රී හේෂා

‘මේ රටේ ජාතික ආණ්ඩු කියන සංකල්පය එළියට එන්නේ පසුගිය යහපාලන රජය නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එකට එක්වීම තුල.අපි විසින්ම තමයි මේ රටේ අමාත්‍ය මණ්ඩලය 30 කට සීමා විය යුතුයි කියල 19 වැනි සංශෝධනය යෝජනාව ගේන්නේ.ඒ නිසා අපිට වගකීමක් තියනවා ඒ ප්‍රතිපත්ති මය යෝජනාව ආරක්ෂා කරන්න.
අපි විශ්වාස කරනවා ජාතික ආණ්ඩුවකට එක්සත් ජාතික පක්ෂය යන්න සූදානම් වෙනවානම්  ඒකට අවශ්‍ය වටපිටාව නිවැරදිව සකස්කර ගත යුතුයි.අද වෙනකොට එහෙම කතිකාවතක් යනවා.පසු පෙළමන්ත්‍රීවරුන් හැටියට තවම නිල වශයෙනන් දැනගැනීමට හැකියාවක් නැහැ’ යයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාන් විතාන මහතා කීය.

ඇඹිපිටියේ පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

අපි හිතනව ගරු අග්‍රාමාත්‍ය තුමාට මේ වෙනකොට  රටේ ජනතාවගේ මතය මොකක්ද කියල අවබෝධයක් තියනව.ජනතාව මේ වනකොට තනි පක්ෂයක් විදියට ජනතාව වටා එකතුවෙලා තියනවා.භේද සියල්ල අත් හැරල දාල.ඒ නිසා ඒ ලැබිල තියන අවස්ථාව ආපස්සට හරෝගන්න තීන්දු තීරණ ගන්නෙ නැතිවෙයි.ඒ නිසා ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවයක් මේ රටේ නිර්මාණය වනවානම්  ඒ පොදු අවශ්‍යතාවයක් වෙනුවෙන්.එහෙම පොදු අවශ්‍යතාවයක් වෙනුවෙන් නිර්මාණය වන ආණ්ඩුව මේ රටේ ජනතාව පිළිගන්න ආණ්ඩුවක් වේ යයි කියල අපි විශ්වාස කරනවා.

ජාතික ආණ්ඩුවක අරමුණ ඇමතිවරු වැඩිකරගැනීමක්නම් ඒක මේ වෙලාවේ ජනතා අපේක්ෂාවක් නෙවෙයි.ජාතික ආණ්ඩුවක අපේක්ෂාව වෙන්නේ රටේ පොදු මතය.මේ වෙලාවේ ජාතික වශයෙන් අපිට අරන් යන්න ශක්තියක් නැත්නම් අපි ඒකට එකතු උනාට කමක් නැහැ.ජාතික ආණ්ඩුවක් කියන්නේ මෛත්‍රීපාල මහත්තයාගේ කාලේ වගේ දෙපැත්තට අධින එකක් නෙවෙයි.හරියට එකට එකතුවෙලා එක්සත් ජාතික පක්ෂයේ මේ අවුරුදු විසිපහකට පස්සේ ආපු මතය සංවර්ධනයට එකතුවන්න පුලුවන් කණ්ඩායමක් එක්ක යනවනම් හැර ඇතිදූර වැඩිකර ගැනීම සදහා ජාතික ආණ්ඩුවක් හැදෙන එක මේ රටේ ජනතාවගේ අපේක්ෂාව නෙවෙයි.

ඉදිරියේ එන ජනාධිපති වරනයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හෙට ජනාධිපතිවරණය පිළිබදව ප්‍රකාශයක් කරනවනම් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනවනම් අපි අපේ නායකයා කවුද කියල ඒ වෙලාවෙම ප්‍රකාශයට පත් කරනව.කිසිම සැකයක් නැතිව කියන්න පුලුවන් මෙවර ඉදිරිපත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජන්ම ලාභය තියෙන අපේක්ෂකයෙක්,අපිට දිනන්න පුලුවන් අපේක්ෂකයෙක් ඉරහද වගේ විශ්වාසයි ජයග්‍රහණය කරන්න පුලුවන් අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා.

මැතිවරණ කොමසාරිස් තුමා අපි වීරයෙක් විදියට පසුගිය දවස්වල දැක්කේ.මැතිවරණ කොමසාරිස් තුමා කඩේයන ගතියක් තමයි අපිට පේන්න තියෙන්නේ.මේ ජනාධිපති වරණය ඉක්මනින් ගෙනහැල්ල මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගෙදර යන එක වලක්වගන්න.අපි කියනවා ඔබතුමාගේ පසුගිය කාලසීමාවේ අපි දැකපු රැඩිකල් ගතිය නැතිකරගන්න එපා.අවංක චේදනාවෙන්  හරිවිදියට එන්න.මොකද එතුමාට කියන්න තිබුනා පලාත් පාලන මැතිවරණය වෙලාවෙත් ඕක.

එතුමා ඉල්ලා අස්වුනාය කියල රාජ්‍ය නිලධාරීන් ඕන තරම් ඒ වෙනුවට එන්න ඉන්නවා. එතුමා මේ වෙලාවේ කවුරු හරි වෙනුවෙන් කඩේ යන්න උත්සාහ කරනව නම් මේ රටේ මිනිස්සු ඒක බලාගෙන ඉන්නවා.අපේ වගකීම ආණ්ඩුවක් විදියට මැතිවරණ තියන එක අපි අවශ්‍ය විදියට අවශ්‍ය මැතිවරණය අවශ්‍ය වෙලාවට තියන්න සූදානම්.

– ප්‍රගීත් ජනක