විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සුපිරි හෝටල් හිමිකරුවෙකු රටින් පනී

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සුපිරි හෝටල් හිමිකරුවෙකු රටින් පළා ගොස් තිබෙනවා.

ඔහු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳ සැලවීමත් සමග මෙම සුපිරි හෝටල් හිමිකරු සිය පවුලේ සාමාජිකයින් සමග සිංගප්පූරුව වෙත පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඍජු සබඳතා පවත්වා ඇති බව ද විමර්ශනවලින් අනාරණ වී තිබෙනවා.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප‍්‍රධාන පෙළේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කළ විමර්ශන තවදුරටත් කි‍්‍රයාත්මකයි. අත්අඩංගුවට ගැනුණු ඇතැම් පුද්ගලයින්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්ණ කෙරෙන බව ද පොලීසිය සඳහන් කළා.