නිදහස් උත්සවය පස්වරුවට යොදන්නැයි දන්වයි.. රාජ්‍ය නිලධාරීන් අමාරුවේ !

අම්පාර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර ඇති නිදහස් දින උත්සවය 04 වැනිදා පස්වරුවේ පවත්වන්නැයි උපදෙස් ලබා දී ඇත.

මේ හේතුවෙන් එහි රජයේ නිලධාරීන් බලවත් අසීරුතාවයට පත්ව සිටින බව එහි ඉහල නිලධාරියෙක් පැවසීය.

පෙරවරුවේ කොළඹ පැවැත්වෙන නිදහස් උත්සවයට සහභාගී වීමට ඇති නිසා අම්පාර නිදහස් උත්සවය පස්වරුවට එම උත්සවය යොදන්නැයි උපදෙස් දී ඇත්තේ දිස්ත‍්‍රික්කයේ දේශපාලන ප‍්‍රබලයෙකි.
gossip lanka