පාකිස්තානයෙන් ඉන්දියාවට දැවැන්ත ප‍්‍රහාරයක්.. ගුවන් යානා දෙකක් බිම හෙලා නියමුවන් අත්අඩංගුවට ගනී - (video)

ඉන්දීය ගුවන් හමුදා ප‍්‍රහාරක යානා දෙකක් තම හමුදාවන් විසින් පහර දී බිම හෙලූ බව පාකිස්තානය සදහන් කරයි.

තම රටේ දේශ සීමා උල්ලංඝණය කල නිසා මෙම පහර දීම කල බවද පාකිස්තානය කියයි.

යානාවන්හි නියමුවන් අත්අඩංගුවට ගත් බවත් පකාස්තානය සදහන් කරයි.

කෙසේ වෙතත් ඉන්දියාව පවසන්නේ කාෂ්මීරයේදී තම ගුවන් හමුදා යානාවන් කාර්මික දෝෂයක් හේතුවෙන් කඩා වැටුනු බවයි.

ඊයේ දිනයේ ඉන්දියාව විසින් එල්ල කල ප‍්‍රහාරයකින් පකිස්තානයේ 300ක පමණ පිරිසක් මරණයට පත්ව ඇත.