කොල්ලුපිටියේ මහා කුඩු තොගය එවා ඇත්තේ මාකදුරේ මධුෂ් ඩුබායි සිටයි

කොල්ලුපිටියේ සුපිරි වෙලද සංකීර්ණයක රථ ගාලේ තිබියදී අත්අඩංගුවට ගන්නා ලද මෙරට ඉතිහාසයේ විශාලම හෙරොයින් තොගය ඩුබායිහි සිට මාකදුරේ මධුෂ් විසින් එවන ඒවා විය හැකි යයි පොලීසිය සැක පල කරයි.

මධුෂ් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වන්නට පෙර මෙම තොගය එවන්නට ඇතැයි පොලීසිය සදහන් කරයි.
හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම් අනුව එක් පුදගලයෙකුගේ ඥාතියෙක් ඩුබායිහි සිටින බව පොලීසිය හෙලි කරගෙන ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් මධුෂ් මේ හා සම්බන්ධ ඇතැයි සැක කරයි.

කිලෝ 294.490ක් වූ මෙම හොරොයින් තොගය රුපියල් කෝටි 295ක් පමණ මිල වන බවද පොලීසිය කියයි.

මෙම තොගය අත්අඩංගුවට ගන්නා ලද්දේ වෙනත් අයෙකුට අලෙවි කිරීමට උත්සාහ කිරීමේදීය.