ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ කල බව අගමැති රනිල් පිලිගත්තා - සුමන්තිරන්

2009 උතුරේ යුද්ධය ඉවර වුවත් ඒ වෙනුවෙන් දෙමළ ජනතාව විශාල වශයෙන් ශ්‍රී ලංකා හමුදාව විසින් ඝාතනය කල බවත් ඔවුන්ගේ දේපල විනාශ කල බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ පිලිගත් බවත් ඒ වෙනුවෙන් උතුරේ දෙමළ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටි බව දෙමල සන්දාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

උතුරේ පලවන සති අන්ත ද්‍රවිඩ පුවත්පතක් වන ‘දිනකුරල්’ වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රී සුමන්තිරන් කියා සිට ඇත.

එහෙත් හිටපු උතුරු පලාත් සභාවේ මහ ඇමති සී විග්නේෂ්වරන් පවසා ඇත්තේ අගමැති එසේ පිලිගැනිම කලත් ඒ සඳහා ජාත්‍යන්තර අධිකරණයක් මගින් අවශ්‍ය කටයුතු සිදු කරන තෙක් හමුදාවේ උතුරු නැගෙනහිර සිදු කල අපරාධවලට සමාව දිය නොහැකි බවකි.