මධුෂ් හිරගෙදරට පහරදෙන්න හැදූ සැලැසුමක් හෙළිවෙලා !

මාකඳුරේ මධූෂ් අබුඩාබි හෝටලයේදී කොටු වෙන්නට පෙර ලංකාවේ පාතාල කණ්ඩායමක් ඩුබායිවලට ගෙන්වා හෝටලයකදී පැවැත්වූ සාදයකදී මෙරට බන්ධනාගාර ගතව සිටින ඔහුගේ තරගකාරී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු ඝාතනය කිරීමට සැලැසුමක් තිබූ බව වාර්තා වේ.
බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති පරිදි මේ සැලැසුම සකසා ඇත්තේ ජනවාරි දෙවැනි සතියේදීය.
මෙම සැලසුමට අනුව පෙබරවාරි 11ත් 15ත් අතර දිනකදී බන්ධනාගාර බස්රථයකට හෝ උසාවිය අසලදී මෙම ඝාතන කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබී ඇත.

වෙලේසුදා, දෙමටගොඩ චමින්ද, සුජිත් ගුණසේකර ඇතුලු සිව්දෙනෙකුගේ නම් මේ ඝාතනවල ඉලක්කව සිටි අය ලෙස හෙළිකරගෙන ඇති බවද පැවසේ.

මෙම සැලසුම හෙළිවීමත් සමඟ පොලිස් මූලස්ථානය හරහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කල දැනුම්දීමක් මත බන්ධනාගාර ගත ප්‍රධාන මතද්‍රව්‍ය ජාවාරම්කාරයින් හා පාතාල ප්‍රබලයින් කිහිපදෙනෙකුගේ ආරක්ෂාව තර කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

අදාල රැඳවියන් අධධිකරණ කටයුතු සඳහා රැගෙන යාමේදී ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසද දැනුම් දී ඇති බවද පැවසේ.

මාකඳුරේ මධූෂ් ඩුබායිහිදී කොටු වෙන්නට පෙර ලංකාවෙන් ගෙන්වාගත් කණ්ඩායම් හතරකට ඩුබායි හෝටල්වලදී සාද හතරක් පවත්වා ඇති බවද හෙළිවී ඇත.

මධූෂ් සමඟ හෝටලයේදී කොටුවූ පිරිස අතර සිටින "තලල්ලේ ජංගා" නැමති මධූෂ්ගේ ගෝලයාගේ ගන්දර නිවස පොලිසිය වටලද්දී හමුවූ යුධ හමුදා නිලඇදුම් තොගය හා ජීව උණ්ඩ මෙම බන්ධනාගාර ප්‍රහාරයට සූදානම් කර තිබූ ඒවාද යන්න සැකයක් මතුව ඇතැයි පැවසේ.

කලුතර එතනමඩලදී රණාලේ සමයං රැගත් බන්ධනාගාර බස් රථයට පහර දී හත්දෙනෙකු ඝාතණය කිරීමට අංගොඩ ලොක්කා ඇතුලු කණ්ඩායම මධුෂ් විසින් පිටත් කර තිබුණේද පොලිස් නිල ඇඳුම් අන්දවා බව හෙළිව තිබිණි.

මූලාශ්‍රය - www.tissaravindra