මධුෂ්ගේ දේපල හෙලිවේ.. ගිණුම් 23ක කෝටි 1000ක්.. සුපිරි වෙලදසැල්.. රට පුරා වත්කම්.. සියල්ල රාජ සන්තක කරන්න යයි

ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් ගේ බැංකු ගිණුම් 23 ක රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් ඇතැයි පොලිසිය සදහන් කරයි. මධුෂ්ගේ වත්කම් සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරමින් පවතින විශේෂිත විමර්ශනයකදී යුතු මේ බව හෙළිව තිබේ.

ඩුබායි සහ වෙනත් රට වල ඇති බැංකු ගිණුම් වල විස්තර ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ දිනවල සිදු කරගෙන යමින් තිබේ.

ඔහු මෙතරම් වූ මුදල් සම්භාරයක් උපයා ගෙන තිබෙන්නේ මත්ද‍්‍රව්‍ය ජාවාරම, කප්පම් ගැනීම්, කුලියට මිනී මැරුම් ඇතුළු අයථා ක්‍රම මගින් බවත් පොලිසිය සඳහන් කරයි.

මීට අමතරව සුපිරි වෙලද සැල් කීපයක්ද මධුෂ් විසින් සිය හිතවතුන් මාර්ගයෙන් පවත්වාගෙන ගොස් ඇති බවට ද තොරතුරු හෙළිව තිබේ.

ඉදිරියේදී මෙම දේපල රාජසන්තක කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලා ගෙන යමින් සිටින බව ද පොලිසිය වැඩි දුරටත් සදහන් කරයි.