එන සතියේ අලුත් දේශපාලන පිම්මක් පනිනවා.. වෙන දේශපාලන ගමනක් යනවා - අමරවීර

එළැඹෙන සතියේදී අලුත් දේශපාලන පිම්මක් ගැන ප‍්‍රකාශයට පත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසූ බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

ඔහුගේ සමීප හිතවතුන් පිරිසක් සමගින් බත්තරමුල්ල සුපිරි හෝටලටකදී පැවති සුහද හමුවකදී මේ බව මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත.

ජනතාව අද සිටින දේශපාලඥයන් ගැන විශ්වාස නොතබන බවත් ඔවුන් පිලිකුල් කරන තත්වයට පැමිණ ඇති බවත් අමරවීර මහතා එහිදි පවසා තිබේ.

මේ හේතුව මත තමන් වෙනම දෙශපාලන ගමනක් යාමට තීරණය කල බවත් ඔහු සදහන් කර ඇතැයි සදහන්ය.