ශ‍්‍රීලනිප-පොහොට්ටු සන්ධානයේ සභාපති මමයි.. මෛත‍්‍රීට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්න තීරණය කර නෑ - මහින්ද (video)

ඉදිරියේදී පිහිටවන පුළුල් සන්ධානයේ සභාපති ධුරය තමනට හිමිවිය යුතු යයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

දැනටද තමන් ඒකාබද්ද විපක්‍ෂයේ නායකයා ලෙස කටයුතු කරමින් සිටින බවත් ඔහු සදහන් කලේය.
අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීම සදහා එම විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේදී රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීලග ජනාධිපති අපේක්‍ෂක විය යුතු යයි අනුරාධපුර ශ‍්‍රීලනිප බල මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාව ගැන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ එය දුමින්ද දිසානායක මහතාගේ පුද්ගලික අදහසක් බවත් තවම ජනාධිපති අපේක්‍ෂක ගැන තීන්දුවක් ගෙන නැති බවත්ය.
gossip lanka