පොලිස් ස්ථානාධිපති අනතුරට පත්කළ ඩිෆෙන්ඩරයේ සිටි මහින්දානන්දගේ පුත්‍රයා පොලිසියට කැඳවයි - නාගරික මන්ත්‍රීවරයෙකුත් අත්අඩංගුවට

බම්බලපිටිය ප‍්‍රදේශයේ දී බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව  අනතුරකට ලක් කර පළා ගිය ෆෙන්ඩර් රථයේ සිටි පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් පිරිස අතරට  කොළඹ නාගරික මන්ත්‍රි දුමින්ද සුදම්මික ආටිගලද ඇතුළත්.

එසේම අනතුර සිදුකරන අවස්ථාවේදී අදාළ ඩිෆෙන්ඩර් රථය තුල  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයාද එහි සිට ඇති අතර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහුද පොලිසියට කැඳවා ඇති බව සඳහන්.