'පිටරට කිරිපිටි සෞඛ්‍යට අහිතකරයි.. බොන්න හොද නෑ..' - ජනාධිපති කියයි

විදේශයන්ගෙන් ගෙන එනු ලබන පිටිකිරි වර්ග කවුරුන් කෙසේ කීවද ජනතාවගේ සෞඛ්‍යට සුදුසු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

මේ බව ප්‍රකාශ කළ පසු මහා බහුජාතික සමාගම් තමන් සමග අමනාප වනු ඇති බවත් කවුරුන් තරහා වුවද එම ප්‍රකාශය තමන් සිදු කරන බවත් ජනාධිපතිවරය කීය.

රටක් දියුණු වීමට නම් දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය විය යුතු බවත් බහුජාතික කිරිපිටි සමාගම් වලට උවමනා පරිදි ජනතාවගේ සෞඛ්‍ය හසුරුවන එක වරදක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ දෙහිඅත්තකණ්ඩියදී පැවති උත්සවයක් අමතමිනි.

මෙරට විධායක ජනාධිපතිවරයෙකු ප‍්‍රබල බහුජාතික සමාගම්වලට එරෙහිව සිදු කරන ලද පළමු ප‍්‍රකාශය ලෙසද මෙය සැලකිය හැකිය.