"ජාතික ආණ්ඩුවට මං විරුද්දයි.. ඇමතිකම් වැඩි කරන්නයි හදන්නේ" - නිදහස් දින උත්සවය අමතමින් ජනපති එජාපයේ කණට ගහයි

එක් මන්ත‍්‍රී ධුරයක් ලබා සිටින පක්‍ෂයක් සමගින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තමන් විරුද්ද වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙවන් ජාතික ආණ්ඩුවක් සෑදීමට උත්සාහ කරන්නේ ඇමති ධුර වැඩි කර ගැනීමට පමණක් යයිද ජනාධිපතිවරයා සදහන් කරයි.
පසුගිය ජාතික ආණ්ඩුව විසින් කල යුතුව තිබූ කාර්යන් නොකර තවත් ජාතික ආණ්ඩු පිහිටුවීමට තමන් විරුද්ද යයිද ජනාධිපතිවරයා එහිදී සදහන් කලේය.

ගාළු මුවදොරදී පැවැත්වෙන 71 වැනි ජාතික නිදහස් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.