ජනපති පාර්ලිමේන්තුවට පැමිණ ව්‍යවස්තා සභාවේ පළු අරී.. කතානායක නෑ.. අගමැති නෑ.. [Video]

තමන් විසින් උසස් වීම් සදහා යෝජනා කරන ලද අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ නම් 12ක් මේ වන විට ව්‍යවස්තා සභාව විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එසේ ප‍්‍රතික්‍ෂෙප කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි තමනට හෝ එම විනිසුරුවන්ට දන්වා නැති බවත් ඔහු සදහන් කරයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේ පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු සබාව අමතමිනි.

විනිසුරුවන්ට උසස්වීම් දීමේදී ජ්‍යෙෂ්ඨත්වය සලකන්නේ නැතැයි කතානායකවරයා තමනට දන්වා තිබු බවත් නමුත් උසස් වීම් ව්‍යවස්ථා සභාය තීරණය කරන්නේ කුමන නිර්ණායක මතදැයි ජනාධිපතිවරයා ප‍්‍රශ්න කලේය.

අතීතියේ එම විනිසුරුවන් විසින් දුන් නඩු තීන්දු අනුව උසස් වීම් ලබා දීම හෝ නොදීම තීරණය වන බවත් එය අධිකරණ ක්‍ෂෙත‍්‍රයට බරපතල ලෙස බලපාන තත්වයක් බවත් ජනාධිපතිවරයා තව දුරටත් සදහන් කලේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සභාව අමතද්දී කතානායකවරයා, අගමැතිවරයා හෝ ආණ්ඩු පක්‍ෂයේ සැලකිය යුතු නියෝජනයක් පාර්ලිමේන්තුවේ නොවීය.