"මධුෂ්ව අල්ලගත්ත එකට උප්පැන්න දෙන්න අයිතිකාරයෝ ගොඩයි" - ජනපති මෛත්‍රී

ප්‍රබල පාතාල නායකයෙකුවන මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අයිතිවාසිකම් කීමට උත්සාහ දරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තිය මාර්ගෝපදේශන ජාතික වැඩසටහනේ පළමු මධ්‍යස්ථානය ඊයේ පොළොන්නරුවේදී විවෘත කරමින්.

තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තිය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය අරඹමින් පළමු ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීම පොළොන්නරුව නවනගර තරුණ සේවා කාර්යාලය අබියසදී ඊයේ පස්වරුවේ සිදුකෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
gossip lanka