මාකඳුරේ මදූෂ් ප්‍රකට ගායකයකු සමඟින් අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් ඇතුළු සිව් දෙනෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (05) අලුයම ඩුබායි හි ප්‍රධාන පෙළේ හෝටලයක කොකේන් නැමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 20 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් අතර කෙසෙල් වත්තේ දිනුක ඇතුළු ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයින් සිටින බව වාර්තා වනවා.

ඩුබායි හෝටලයේ සිට මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු ද සිටින බව සඳහන්.

අත්අත්අඩංගුවට ගත් අනෙක් පිරිස හඳුනා ගැනීමේ විමර්ශන කටයුතු මේ වන විට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.