මධුෂ්ට ජීවිතාන්තය තෙක් ඩුබායිහි සිර දඬුවම් !

ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ්ට එරට නීතිය අනුව ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබෙනු ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකා උසස් නිලධාරියෙකු පැවසීය. මධුෂ් මත්ද්‍රව්‍ය භාවිතයට අමතරව තවත් චෝදනා ගණනාවකට වරදකරු වී සිටින බවත් 28නිදා හෝ ඊට පෙර තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවේ මධුෂ්ට ඇති චෝදනා හා ඔහු වෙනුවෙන් ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය විසින් පොලිස් විශේෂ කාර්ය බලකායෙන් තොරතුරු විමසූ බවද ඔහු පැවසීය.

වේ මේ අතර අත් අඩංගුවේ පසුවන අමල් පෙරේරා හා නදිමාල් පෙරේරා මත්ද්‍රව්‍ය පාවිච්චි කලේදැයි කරන ලද පරීක්‍ෂණ අනුව ඔවුනටද ඩුබායි නීතිය ක‍්‍රියාත්මක වනු ඇති බවත් ඔහු සදහන් කලේය.