මධූෂ් අත්අඩංගුවට පත්වීමෙන් පසු ප්‍රභල දේශපාලනඥයින් කිහිපදෙනෙක් නොසන්සුන් වෙයි..! මධූෂ් ලංකාවට ගෙන්වන්න දැඩි බලපෑම්

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්  ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත්අඩංගුවට පත්වීමත් සමග මෙරට දේශපාලඥයින් කීපදෙනෙකු දැඩි නොසන්සුන් තාවට පත්ව ඇතිබවට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. ඒ අනුව මාකඳුරේ මධුෂ් කෙසේ හෝ  ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඔවුන් විශාල බලපෑමක් සිදුකරමින් පවතින බවයි අදළ ආරංචි මාර්ග  සඳහන් කරන්නේ.
මෙරට තුළ සිදු වූ ඝාතන කිහිපයකට ඔහුට චෝදනා එල්ල වූ මාකඳුරේ මදූෂ් විදේශ රටවල සිට මෙරටට මත්ද්‍රව්‍ය තොග පිටින් ගෙන්වීම සම්බන්ධයෙන්ම චෝදනා ලැබ සිටිනවා.

දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කළ බවට 'මාකඳුරේ මධුෂ්' නමැත්තාට චෝදනා එල්ල වූ අතර ඔහු අපරාධ කල්ලි අතර නමක් දිනා ගත්තේ එම චෝදනා එල්ලවීමත් සමගයි.