මධුෂගේ බිරිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හමුවේ !

ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ්ගේ බිරිද ඊයේ දිනයේ දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතා මුණ ගැසී ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කල දැනුම් දීමක් අනුව මාවරල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මධුෂ්ගේ බිරිද කැදවාගෙන විත් තිබේ.

මධුෂ්ගේ ජීවිත කතාව දැන ගැනීමට බිරිද කැදවා ඒ සම්බන්ධයෙන් විමසූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මේ ගැන කල විමසීමකදී කියා සිටියේය.

මෙහිදී මධුෂ් ගැනත් විවාහ ජීවිතය ගැනත් ආදී ලෙස බොහෝ තොරතුරු හෙලි වූ බවත් ඒ මහතා සදහන් කලේය.