මධුෂ් සමග අත්අඩංගුවට පත් රාජතාන්ත‍්‍රික බලපත් හිමියා මාතර මන්ත‍්‍රීවරයෙක් !

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති පාතාල නායක මාකදුරේ මධුෂ් සමගින් අත්අඩංගුවට ගෙන ඇති රාජතාන්ත‍්‍රික විදේශ ගමන් බලපත‍්‍රයක් ඇති පුද්ගලයා මාතර කඹුරුපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක් යයි වාර්තා වෙයි.
විපක්‍ෂය චෝදනා කරන්නේ එම පුද්ගලයා ඇමති මංගල සමරවීගේ ලේකම්වරයෙකුද වන බවටයි.

අදාල සාදය සදහා මාතර ප‍්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙකුම සහභාගී වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

125 දෙනෙකු පමණ සහභාගී වී සිටි එම සාදයේ මත්ද‍්‍රව්‍ය භාවිත කලේ යයි සැක පිට 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
gossip lanka