gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිසබේ ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන් CID යට !

පාර්ලිමේන්තුවේ දේපල වලට අලාභ හානි කරමින් පසුගියදා එහි සභා ගැඹ තුල ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් උසාවි දැක්කීම සාධාරණද නැද්ද යන්න නැවත සිතාබලන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා, කතානායකවරයාගෙන් ඉල්ලා සිටියි.
මෙම ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID ) ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවට වාර්තා වී ඇතැයි ද අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු (පොහොට්ටු) කාර්යාලයේදී
ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද පාර්ලිමේන්තු තුළ මීට වඩා දරුණු ගැටුම් ඇතිවී තිබෙන බව කී මන්ත්‍රීවරයා එම අවස්ථාවල කතානායකවරුන් මේ ආකාරයෙන් කටයුතු කර ඇත්ද යන්න වත්මන් කතානායකවරයා සොයා බැලිය යුතු යැයි ද එහිදී කීවේය.

මන්ත්‍රීවරුන්ගේ පුටු වලට ඇන ගැසූ හේතුව !

බ්‍රසීලයේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් ආසන ඔසවා ගහගැනීම නිසා එහි මන්ත්‍රීවරුන්ගේ හිසට පවා තුවාල වී තිබෙන බව කී අනුර යාපා මහතා, ගාලු මුවදොර ඉදිරිපිට පැරණි පාර්ලිමේන්තුව පැවති කාලයේ ද මන්ත්‍රීවරුන් පුටුවලින් ගහගැනීම නිසා ඒවා එසවීමට නොහැකි පරිදි ඇණ දමා තද කළ බව සඳහන් වන්නේයැයි ද ප්‍රකාශ කළේය.

පසුගියදා පාර්ලිමේන්තුවේ කෝලාහලයක් ඇතිවූ නමුත් එවැනි තත්ත්වයක් ඇති නොවූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙහිදී මන්ත්‍රීවරුන්ට පමණක් නඩු පවරා ඇතත් එම කාලයේ කතානායකවරයා හැසිරුණු ආකාරය ගැනත් ගැටලු තිබෙන බව අනුර යාපා මහතා පැවසීය.

කතානායකවරයා තම අසුනට නොගොස් පාර්ලිමේන්තුවේ මුල්ලක සිට තීන්දු ගනිමින් පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ව්‍යවස්ථාව කඩ කරමින් කටයුතු කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka